Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සතියෙන් සුදුවෙලා මාස කිහිපයකින් මැරෙන ක්‍රීම් වර්ග වෙළදපොලේ.!

  තම ශරීර වර්ණය සුදු පැහැයට හරවා ගැනීම සඳහා කාන්තාවන් බොහෝ දෙනෙකු අත්හදා බලන ඇතැම් මුහුණු ආලේපන ක්‍රීම් වර්ග මිනිස් සිරුරට දැඩිව අහිතකර බව ප...

 



තම ශරීර වර්ණය සුදු පැහැයට හරවා ගැනීම සඳහා කාන්තාවන් බොහෝ දෙනෙකු අත්හදා බලන ඇතැම් මුහුණු ආලේපන ක්‍රීම් වර්ග මිනිස් සිරුරට දැඩිව අහිතකර බව පර්යේෂණයකින් අනාවරණය වු බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය නිමල් පුණ්‍යසිරි සදහන් කරයි.

එවැනි ක්‍රීම් වර්ග භාවිතා කිරීම නිසා තම ශරීරයේ රසායනික ක්‍රියාවලිය විකෘති වන බවත් ඇතැම් අවස්ථා වලදී පිළිකා වැනි දරුණු රෝගී තත්ත්වයන් මෙන්ම විවිධ චර්ම අසාධන සහ ලප කැළැල් ඇති විය හැකි බවද මහාචාර්ය නිමල් පුණ්‍යසිරි සදහන් කරයි.

මෙම භයානක ද්‍රව්‍ය ආසියාතික රටක් වන පකිස්තානයෙන් මර්කරි රසදිය අඩංගු ක්‍රීමි වර්ග ජාවාරම් කරුවන් හරහා ලංකාවට ගෙන්වු බවත් එය පර්යේෂණ මගීන් අණාවරණය වු පසුව තහනම් කලද තවමත් වෙළදපොලේ තිබෙන බවද මහාචාර්ය නිමල් පුණ්‍යසිරි සදහන් කරයි.

කිසිදු පාරිභෝගිකයෙක් එම නිෂ්පාදන වල නිවැරදි නිෂ්පාදකයා⁣ගේ නමත්, ලංකාවේ බෙදාහරින්නාගේ නමත්, දුරකථන අංකයක් නැති ඕනෑම නිෂ්පාදනයන් මිලදී ගැනීමෙන් වළකින ලෙසද මහාචාර්ය නිමල් පුණ්‍යසිරි සදහන් කරයි.

ගැබිනි මව්වරුන් මෙම ආලේපන භාවිතයෙන් වළකින ලෙසත් ඒ හරහා දරුවාගේ බුද්ධි වර්ධනය අඩුවන බවත් ඒ හරහා මන්දබුද්ධික දරුවන් බිහිවීමේ හැකියාව වැඩි බවත් සාමාන්‍ය කාන්තාවට මෙන්ම ගැබිනි මව්වරුන්ටද සංකුලතා ඇතිවිය හැකි බවද මහාචාර්ය නිමල් පුණ්‍යසිරි සදහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය නිමල් පුණ්‍යසිරි මේ බව සදහන් කරයි.

No comments

Ads Place