Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පෙරහරට අදාළව ලංකා විදුලි බල මණ්ඩලය විසින් සෑම වසරකදීම ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනවා. එය වෙනදා වගේ නොවෙයි සක්‍රීයව එවලා තිබෙනවා - දියවඩන නිලමේ

  විදුලි බිල මහනුවර ඇසළ පෙරහරට බාධාවක් කර නොගන්නා බවද විදුලි බිල ගෙවා හෝ පෙරහර උත්කර්ෂවත් පරිදි කරන බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍ර...

 


විදුලි බිල මහනුවර ඇසළ පෙරහරට බාධාවක් කර නොගන්නා බවද විදුලි බිල ගෙවා හෝ පෙරහර උත්කර්ෂවත් පරිදි කරන බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පැවසීය. මෙවර මහනුවර ඇසළ පෙරහරේ විදුලි ආලෝකකරණය සඳහා ලංකා විදුලි බල මණ්ඩලය මගින් ඇස්තමේන්තු ගතකර ඇති මුදල රුපියල් එක්කෝටි තිස් දෙලක්ෂ අනූනව දහස් දහයකි.(13,299,010.00)

 

කෙසේ නමුත්, පෙරහරට අදාළව විදුලි ආලෝකකරණයට ඉකුත් වසරේ (2022) ඇස්තමේන්තු ගත මුදල රුපියල් ලක්ෂ 90 කි.


විදුලි ආලෝකකරණයේදී ශ්‍රී දළදා මාලිගාව සඳහා රුපියල් ලක්ෂ 34 ක්ද, ශ්‍රී නාථ දේවාලය සඳහා රුපියල් ලක්ෂ 11 ක්ද, ශ්‍රී විෂ්ණු දේවාලය සඳහා රුපියල් ලක්ෂ 13 ක්ද, ශ්‍රී කතරගම දේවාලය සඳහා රුපියල් ලක්ෂ 11 ක්ද, ශ්‍රී පත්තිනි දේවාලය සඳහා රුපියල් ලක්ෂ 11ක්ද ඇස්තමේන්තු ගතකර ඇත. එමෙන්ම, මහනුවර නගරය තුළ පෙරහර ගමන් ගන්නා සියලුම වීදි ආලෝකකරණය සඳහා ඇස්තමේන්තු ගතකර තිබෙන මුදල රුපියල් ලක්ෂ 44 කි.


විදුලි බිල ගෙවන ආකාරය සම්බන්ධව ශ්‍රී දළදා මාලිගාව, සිවු මහා දේවාල ඇතුළු රාජ්‍ය ආයතන එක්ව සාමූහිකව තීරණයක් ගතයුතු බවද දියවඩන නිලමේවරයා පැවසුවේය.


“පෙරහරට අදාළව ලංකා විදුලි බල මණ්ඩලය විසින් සෑම වසරකදීම ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනවා. එය වෙනදා වගේ නොවෙයි සක්‍රීයව එවලා තිබෙනවා. මේ විදුලි බිල දරන ආයතන කීපයක් තිබෙනවා. ශ්‍රී දළදා මාලිගාව, සතර මහා දේවාල, මහනුවර මහ නගර සභාව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එම ආයතනයි. මේ සම්බන්ධයෙන් සියලුදෙනා එකතු වෙලා බිල ගෙවන ආකාරය සම්බන්ධයෙන් සාමූහික තීරණයක් ගත යුතුයි.’’ යැයිද දියවඩන නිලමේවරයා කීවේය.


විදුලි බිල සම්බන්ධ ගැටලුව සාකච්ඡා මට්ටමින් විසඳා ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

No comments

Ads Place