විදුලි ගාස්තු සියයට 14.2%කින් අද (01) සිට පහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇත. ඒ අනුව ඒකක (0 – 30) ත් අතර මාසික පරි...
විදුලි ගාස්තු සියයට 14.2%කින් අද (01) සිට පහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇත.
ඒ අනුව ඒකක (0 – 30) ත් අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩය සඳහා ඒකකයකට රුපියල් 30ක් ලෙස අය කළ ගාස්තුව රුපියල් 10ක් දක්වා අඩු කර ඇති අතර එම කාණ්ඩය සඳහා අය කෙරෙන ස්ථාවර ගාස්තුව රුපියල් 400 සිට රුපියල් 150 දක්වා අඩු කර ඇත.
ඒකක 60 ට අඩු කාණ්ඩයේ එක් ඒකකයක ගාස්තුව රුපියල් 42 සිට රුපියල් 32 දක්වා අඩු කර ඇති අතර එම කාණ්ඩය සඳහා අය කෙරෙන මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 650 සිට රුපියල් 300 දක්වා අඩු කර ඇත.
තවද ඒකක (91 – 120) ත් අතර කාණ්ඩය සඳහා ඒකකයක ගාස්තුව රුපියල් 42 සිට රුපියල් 35 දක්වා අඩු කර ඇති අතර මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 1500 සිට රුපියල් 1000 දක්වා අඩු කර ඇති බව මහජන උපයෝගිතා කොමිසම සදහන් කරයි.
No comments