Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වෛද්‍යවරුන් හා විශ්‍රාමික ආරක්ෂක නිලධාරීන් 8,000 ගෙන් පමණ රුපියල් කෝටි කෝටි 990ක මුදලක් වංචා කරල..

  වෛද්‍යවරුන් හා විශ්‍රාමික ආරක්ෂක නිලධාරීන් 8,000 ගෙන් පමණ රුපියල් කෝටි 990ක මුදලක් කුරුණෑගල පිහිටි ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් නම් මූල්‍ය ආය...

 


වෛද්‍යවරුන් හා විශ්‍රාමික ආරක්ෂක නිලධාරීන් 8,000 ගෙන් පමණ රුපියල් කෝටි 990ක මුදලක් කුරුණෑගල පිහිටි ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් නම් මූල්‍ය ආයතනය මගින් වංචා කර ඇතැයි මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය සදහන් කරයි.

එම මුල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පසුව වෛද්‍යවරුන් හා විශ්‍රාමික හමුදා සෙබළුන් රැසක් මෙම ජාවාරමට හසුවී ඇති බව මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය සදහන් කරයි.

තවදුරටත් අනාවරණ කරගෙන ඇත්තේ ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් මූල්‍ය සමාගම මගින් වංචාකර ඇති මුදල රුපියල් කෝටි 990ක් පමණ වන බවත් එම සමාගමේ හිමිකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවද පොලීසිය සදහන් කරයි.

එම ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් මූල්‍ය සමාගම මේ වනවිට මහ බැංකුව මගින් තහනම් කර ඇති අතර සමාගම ආරම්භයේදී මසකට සියයට 06%ක පොලියක් ලබාදී පසුව එම පොලී මුදල් ලබාදීම පැහැර හැර ඇති බවද පොලීසිය සදහන් කරයි.

එම මුල්‍ය සමාගමේ කළමනාකරු ලෙස තවත් විශ්‍රාමික හමුදා සෙබළෙකු කටයුතු කර ඇති බවත් ඔහු සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති අතර සමාගමේ හිමිකරු සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනමක්ද අධිකරණය මගින් ලබාගෙන ඇති බව වාර්තා වේ.

No comments

Ads Place