Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පිරමීඩ ආයතනයක ලොක්කන්ගේ ගිණුම්වල කෝටි 80ක්.

  පිරමීඩ ජාවාරම් පවත්වාගෙන යන බවට චෝදනා එල්ල වී ඇති ආයතනයක අධ්‍යක්ෂ මණ්ඩලයේ ගිණුම්වල රුපියල් කෝටි 80කට අධික මුදලක් තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙ...

 



පිරමීඩ ජාවාරම් පවත්වාගෙන යන බවට චෝදනා එල්ල වී ඇති ආයතනයක අධ්‍යක්ෂ මණ්ඩලයේ ගිණුම්වල රුපියල් කෝටි 80කට අධික මුදලක් තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (12) දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයා විසින් කරන ලද ලිඛිත පැමිණිල්ලකට අදාළව විමර්ශන සිදුකරන ඔන්මැක්ස් ඩී.ටී. (ONMAX DT (PVT) LTD) නමැති ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ 5 දෙනකුගේ ගිණුම්වල එලෙස මුදල් තිබෙන බව සොයාගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

කහඳව ආරච්චිලාගේ අතුල ඉන්දික සම්පත්, සිංහල පේඩිගේ ගයාශාන් අබේරත්න, ලේන්දූවගේ සම්පත් සඳරුවන්, ගලබඩ විධාන ආරච්චිලාගේ සාරංග රන්දික ජයතිස්ස, මල්ලව අප්පුහාමිලාගේ ධනංජය ජයාන් නමැති අයගේ ගිණුම්වල එලෙස කෝටි ගණනින් මුදල් තිබූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය. නමුත් අදාළ ආයතනයේ ගිණුමේ සැලකිය යුතු මුදල් ශේෂයක් නොමැති බව දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපා​ර්තමේන්තුව, මේ පිළිබඳව තවදුරටත් විමර්ශන පවත්වන බවද අධිකරණයට දන්වා සිටියේය.

No comments

Ads Place