සබරගමුව පළාත් සභාව විසුරුවා හැර මේ වන විට වසර පහකට ආසන්න කාලයක් ගත වී ඇතත්, අදටත්, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව, එම පළාත් සභාවේ හිටපු මහජන නි...
සබරගමුව පළාත් සභාව විසුරුවා හැර මේ වන විට වසර පහකට ආසන්න කාලයක් ගත වී ඇතත්, අදටත්, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව, එම පළාත් සභාවේ හිටපු මහජන නියෝජතයන් මහජන මුදල් අවභාවිතා කරමින් සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
පුවත්පත වාර්තා කරන ආකාරයට, 2021 වසරට අදාලව නිකුත් කර තිබෙන විගණන වාර්තාවකින්, හිටපු මහජන නියෝජිතයෝ, පළාත් සභාව සතු නිවාඩු නිකේතනයේ ඔවුන්ගේ නෑ හිතමිතුරන්ට ලැගුම් ගැනීමට ඉඩ දීමෙන් දැවැන්ත මූල්‍යමය අලාභයක් රජයට සිදුකර ඇති බව හෙළි වී තිබේ.
2021 වසරේ දී පමණක්, අදාල නිවාඩු නිකේතයේ විදුලි හා ජල ගාස්තුව රුපියල් ලක්ෂ 47 කි.
අදාල නිවාඩු නිකේතනයේ වායුසමීකරණ යන්ත්‍ර සවි කළ කාමර 11 ක් ඇති බව පැවසේ.
මේ පිළිබදව රජයේ ඉහළ බළධාරීන්ට දැනගන්නට ලැබීමෙන් මේ වන විට අදාල නිවාඩු නිකේතනය වසා දමා ඇති බව පුවත්පත වාර්තා කරයි.
No comments