Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වසර 48කට පසු බැස ගිය ලෝක ශූරයෝ..

  2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ට අහිමිවෙයි. ඒ අද පැවති ලෝක කුසලාන අවසන් තරගාවලිය සඳහා ස...

 

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ට අහිමිවෙයි.

ඒ අද පැවති ලෝක කුසලාන අවසන් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගවල සුපර් සික්ස් වටයේ තරගයකින් ස්කොට්ලන්තයට කඩුලු 7කින් පරාජය වීම හේතුවෙනි.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ස්කොට්ලන්ත ය සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව කොදෙව් කණ්ඩායමට ලබාදීමටය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 5ක් තුළ සියලුදෙනා දැවී රැස් කරගත්තේ ලකුණු 181ක් පමණි.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා ස්කොට්ලන්ත කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 182කි.

ලකුණු 182ක ඉලක්කය හඹාගිය ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

No comments

Ads Place