Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

2023 ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රය සිංගප්පූරුවට

  2023 සඳහා ගෝලීය විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සිංගප්පූරුව සමත් විය. ඒ, එරට පුරවැසියන්ට ලොව පුරා ඇති ගමනා...

 


2023 සඳහා ගෝලීය විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සිංගප්පූරුව සමත් විය.


ඒ, එරට පුරවැසියන්ට ලොව පුරා ඇති ගමනාන්ත 227න් 193ක් සඳහා වීසා රහිතව ගමන් කළ හැකිවීමෙනි.

 

මෙම ස්ථානය මින් පෙර හිමිව තිබුණේ ජපාන විදේශ ගමන් බලපත්‍රය සඳහාය. 

 

නව ශ්‍රේණිගත කිරීම්වලට අනුව ජපානය තුන්වන ස්ථානයට පත්ව තිබීම විශේෂත්වයකි. 

 

2023 නව ශ්‍රේණිගත කිරීම් අනුව බලවත්ම විදේශ ගමන් බලපත්‍රය හිමි පළමු ස්ථාන 10 පහතින්,


1. සිංගප්පූරුව (ගමනාන්ත 192) 

2. ජර්මනිය, ඉතාලිය, ස්පාඤ්ඤය (ගමනාන්ත 190) 

3. ඔස්ට්‍රියා, පින්ලන්තය, ප්‍රංශය, ජපානය, ස්විඩය, ලක්සම්බර්ග්, දකුණු කොරියාව (ගමනාන්ත 189) 

4. ඩෙන්මාර්කය, අයර්ලන්තය, නෙදර්ලන්තය, බ්‍රිතාන්‍ය (ගමනාන්ත 188) 

5. බෙල්ජියම, චෙක් ජනරජය, මෝල්ටා, නවසීලන්තය, නෝර්වේ, පෘතුගාලය, ස්විස්ටර්ලන්තය (ගමනාන්ත 187) 

6. ඕස්ට්‍රේලියාව, හංගේරියාව, පෝලන්තය (ගමනාන්ත 186) 

7. කැනඩාව, ග්‍රීසිය (ගමනාන්ත 185) 

8. ලිතුවේනියාව, එක්සත් ජනපදය (ගමනාන්ත 184) 

9. ලැට්වියාව, ස්ලෝවැකියාව, ස්ලෝවේනියාව (ගමනාන්ත 183) 

10. එස්තෝනියාව, අයිස්ලන්තය (ගමනාන්ත 182) 

 

එම ශ්‍රේණිගත කිරීමේ අවසාන රටවල් වන්නේ., 

101. සිරියාව (ගමනාන්ත 30) 

102. ඉරාකය (ගමනාන්ත 29) 

103. ඇෆ්ගනිස්ථානය (ගමනාන්ත 27)

No comments

Ads Place