Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පේරාදෙණිය සරසවිය බලන්න ලක්ෂ 2ක් ඇවිත්, කිසිම හානියක් කරලා නෑ – උපකුලපති

  පේරාදෙණිය විශ්වවිද්‍යාලය සිය 80 වැනි සංවත්සරයට සමගාමීව පැවැත්වූ විවෘත දිනය තුළ ලක්ෂ 2කට අධික පිරිසක් විශ්වවිද්‍යාලයට පැමිණ ඇති බව එම විශ්ව...

 



පේරාදෙණිය විශ්වවිද්‍යාලය සිය 80 වැනි සංවත්සරයට සමගාමීව පැවැත්වූ විවෘත දිනය තුළ ලක්ෂ 2කට අධික පිරිසක් විශ්වවිද්‍යාලයට පැමිණ ඇති බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ පවසනවා.

කෙසේ වෙතත් ශිෂ්‍යයින් සහ ශිෂ්‍යයින් විසින් මෙහෙයවනු ලබන සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ඡායාරූප පළ කරමින් චෝදනා කර තිබුණේ මෙලෙස විවෘත දිනයක් පැවැත්වීම හේතුවෙන් විශ්වවිද්‍යාලයේ ගෞරවයට හානිවන අයුරින් පැමිණි පිරිස් හැරිසී ඇති බවටත් ඔවුන් විශ්වවිද්‍යාලයේ පරිසරයට හානිවන අයුරින් කටයුතු කර ඇති බවටත් ය.

නමුත් විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා අවධාරණය කර සිටියේ එවැනි කිසිඳු හානියක් සිදුව නොමැති බවත් විශ්වවිද්‍යාලයට පැමිණ ඒ බවට ඕනෑම අයෙකුට තහවුරු කර ගැනීමට කටයුතු සළසා දිය හැකි බවත් ය.

මේ අතර බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය තුළ පවසා තිබුණේ නැවත කිසිදිනෙක මෙම සරසවිය මහජනතාවට විවෘත නොවනු ඇති බවටයි. කෙසේ නමුත් තවත් පිරිසක් පවසා තිබුණේ විශ්වවිද්‍යාල වරම් හිමි නොවූ පිරිස් විශ්වවිද්‍යාල තුළට පිවිසෙනවාට ඇතැම් සිසුන් තුළ දැඩි විරෝධයක් පැවතීම මෙම ප්‍රචාරයන්ට හේතු වී ඇති බවයි.

ජූලි 1 දිනට යෙදී තිබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 80 වන සංවත්සරයට සමගාමීව මෙලෙස විශ්වවිද්‍යාලයට මහජනතාවට විවෘත කරනු ලැබූ අතර එහිදී පීඨ 9 ම නැරඹීමට අවස්ථාව හිමිවූ අතර, ඒ තුළ අධ්‍යාපනික ප්‍රදර්ශන කුටි ද නිර්මාණය කර තිබුණා.

No comments

Ads Place