දින 14 ක් තිස්සේ රාජාංගනයේ පැවැත්වෙන සැණකෙළිය තවත් දීර්ඝ කරන ලෙස කියමින් රාජාංගනය පොලිසියේ ස්ථානාධිපතිවරයාට මරණීය තර්ජන එල්ල කළ ප්‍රකට ව්...
දින 14 ක් තිස්සේ රාජාංගනයේ පැවැත්වෙන සැණකෙළිය තවත් දීර්ඝ කරන ලෙස කියමින් රාජාංගනය පොලිසියේ ස්ථානාධිපතිවරයාට මරණීය තර්ජන එල්ල කළ ප්‍රකට ව්‍යාපාරිකයකුට එරෙහිව මේ වනතුරුත් නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීහු දැඩි කලකිරීමට පත්ව සිටිති.Sri Lanka Latest News
ප්‍රකට ව්‍යාපාරිකයා විසින් මෙම තර්ජනය කර ඇත්තේ ඉකුත් 23 වැනිදා රාත්‍රී කාලයේදීය. මෙම සැණකෙළිය සඳහා පොලිසිය දින 14 ක කාලයක් ලබාදී තිබූ අතර එම කාලසීමාවට වඩා තවත් දින කීපයක් ලබාදීම පොලිසිය ප්‍රතික්ෂේප කර ඇත.
ප්‍රදේශයේ සොරකම් වැඩි වීම, රථ වාහන අනතුරු ඉහළ යෑම මෙන්ම මෙම සැණකෙළියට පාර්ශ්ව රැසකින් විරෝධතා එල්ලවීම නිසා එය තවදුරටත් පැවැත්වීම සඳහා පොලිසිය අවසර ලබාදී නොමැත.
මේ නිසා කෝපයට පත්වූ ප්‍රකට ව්‍යාපාරිකයා රාජාංගනය පොලිසියේ ස්ථානාධිපතිවරයාට ප්‍රසිද්ධියේ බැණ වැදී යුනිෆෝම් ගලවා දමන බව කියමින් මරණීය තර්ජන එල්ල කර තිබේ.
මෙම ව්‍යාපාරිකයා සමග උසස් පොලිස් නිලධාරීන් කීපදෙනකු සමීප සම්බන්ධතා පවත්වන බවත් ඒ හේතුවෙන් මොහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම දිනෙන් දින කල්දමන බවත් පොලිස් ආරංචි මාර්ග කියයි.
මේ සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසීමකදී උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ විමර්ශනයක් පැවැත්වෙන බවයි.
මෙම සැණකෙළිය පැවැත්වීම සම්බන්ධයෙන් රාජාංගනයේ ආගමික නායකයන්, සිවිල් සංවිධාන ඇතුළු ජනතාව විශාල පිරිසක් දැඩි විරෝධය පළකර තිබිණි. එහෙත් එම විරෝධය නොතකා දින ගණනාවක් තිස්සේ මෙම සැණකෙළිය පැවැත්වීමට එහි සංවිධායක වූ ප්‍රකට ව්‍යාපාරිකයා කටයුතු කළේය. -දිවයින
No comments