Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඖෂධ 130ක් හදිසියේ මිලදී ගන්න යයි

ඉදිරි මාස දෙක තුළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සැපයීමට නොහැකි බව ප්‍රකාශ කර ඇති ඖෂධ වර්ග එකසිය තිහක් (130) හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී...


ඉදිරි මාස දෙක තුළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සැපයීමට නොහැකි බව ප්‍රකාශ කර ඇති ඖෂධ වර්ග එකසිය තිහක් (130) හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

මෙම ඖෂධ වර්ගවල ප්‍රසම්පාදන කටයුතු සිදුකර සමාගම්වලට ටෙන්ඩර් පිරිනමා තිබේ. එහෙත් මෙම සමාගම් ඖෂධ ලබාදීම පොරොන්දු වූ දිනය තවදුරටත් ප්‍රමාදවීම නිසා මෙලෙස හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

තවද මෙම ඖෂධවල ආරක්ෂිත ලේබල් ශ්‍රී ලංකාවට ආවේණික අයුරින් සකස් කිරීම ප්‍රමාද වීමද මීට බලපා ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ ප්‍රකාශ කළේය.

මෙම ඖෂධ වර්ග සැපයීම සඳහා ටෙන්ඩර් ලබාගත් සැපයුම්කරුවන් නියමිත කාලයේදී ඖෂධ සපයනු ඇතැයිද ඔහු විශ්වාසය පළ කළේය.

කෙසේ වෙතත් සෞඛ්‍ය වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ හදිසි මිලදී ගැනීම් සිදු කිරීමේදී ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ රෝහල්වලට ලැබීම නතර කළ නොහැකි බවය.

ඊට හේතු වී ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තත්ත්ව පරීක්ෂණයකින් තොරව තාවකාලික බලපත්‍රයක් ලබාදීම බවද වෘත්තිය සමිති සඳහන් කරයි.

පසුගිය කාල පරිජ්ජේදය තුළ එවැනි බලපත්‍ර හත්සිය හැටපහක් ලබා දී ඇති බව පාර්ලිමේන්තුවේදි අනාවරණය විය.

ඉන්පසු එවැනි බලපත්‍ර ලබාදීම නතර කිරීමටද ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීන්දු කර තිබුණි.

No comments

Ads Place