යාපනයේ මනිපායී ආනේකෝට්ටේ හන්දියේ පිහිටි කිතුණු දේවස්ථානයක ප්‍රතිමා වලට අලාභ හානි සිදු කළ පුද්ගලයෙකු මනිපායී පොලීසිය විසින් 29 දා අත් අඩං...
යාපනයේ මනිපායී ආනේකෝට්ටේ හන්දියේ පිහිටි කිතුණු දේවස්ථානයක ප්‍රතිමා වලට අලාභ හානි සිදු කළ පුද්ගලයෙකු මනිපායී පොලීසිය විසින් 29 දා අත් අඩංගුවට ගෙන තිබේ.
ඊට පෙර දින රාත්‍රියේ මෙම දේවස්ථානයේ ප්‍රතිමා වලට කවරෙකු හෝ හානි සිදු කොට අති බවට දේවස්ථානය බාරකාර පියතුමා විසින් මනිපායී පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය ආරම්භ කළ පරීක්ෂණයකින්න් පසුව සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරු තමන් එම දේවස්ථානයේ ප්‍රතිමා වලට හානි සිදු කළ බව පිළිගෙන ඇති අතර ඔහු ඊට ප්‍රධාන හේතු දෙකක් පොලීසියට ප්‍රකාශ කොට ඇත.
අත් අඩංගුවට ගත් සැකකරු යාපනයේ සූදුමලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු හින්දු බැතිමතෙකෙකි. කිතුණු කාන්තාවක් සමග විවාහ වී වසර 7 ක් ගත වී ඇතත් තමන්ට දරුවකු නොමැති නිසා මේ දේවස්ථානයේ පූජා පවත්වා දරුවකු ඉල්ලා සිටි නමුත් එය ඉටු නොවූ බව සැකකරු ප්‍රකාශ කොට තිබේ.
නමුත් මේ දේවස්ථානයෙන් දිනපතාම ශබ්ද වාහිනී යන්ත්‍ර යොදා ගෙන වෙනත් අය වෙනුවෙන් පූජා පවත්වා ඔවුන්ට විවිධ සහන සලසා දෙන අතර එසේ කෙරෙන පූජාවන්වල අධික හඩ නිසා තමන් කෝපයට පත්ව දේව ප්‍රතිමා විනාශ කළ බවද ඔහු පොලීසියට පවසා ඇත.
සැකකරු යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මනිපායී පොලීසිය පියවර ගෙන ඇත.
No comments