Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සිංහයන්ට ජය..

  2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය යටතේ  ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර අද (25) පැවති තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සම...

 



2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය යටතේ  ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර අද (25) පැවති තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වුණි.

ලකුණු 326ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය අයර්ලන්තය මීට මොහොතකට පෙර පන්දුවාර 31 කදී  සියලුදෙනා දැවි රැස්කරගනු ලැබුවේ ලකුණු 192ක් පමණි.

ඒ අනුව ලකුණු 133ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

බුලවායෝ ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනු අයර්ලන්ත නායකයා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

ශ්‍රී ලංකා පිලේ ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 48කට සීමා කරමින් පැතුම් නිස්සංක ලකුණු 20කට දැවීගිය අතර, කුසල් මෙන්ඩිස්ට ලකුණු නොලබා දැවි ගියේය.

අනතුරුව දිමුත් සමඟ පිටියට එක්වූ සදීර සමරවික්‍රම තුන්වන කඩුල්ල වෙනුවෙන් 168ක සබඳතාවක් ගොඩනැගුවේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ශක්තිමත් කරමිනි.

දිමුත් කරුණාරත්න සිය මංගල එක්දින ශතකය සමඟින් ලකුණු 103ක් අද රැස්කළේය.

සදීර සමරවික්‍රම ලකුණු 82යි.

දිමුත්ගේ දැවී යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා පිලේ කඩුලු 6ක් ලකුණු 90ක් තුළදී දැවි යාමත් සමඟ පන්දුවාර 49යි පන්දු 5කදී ශ්‍රී ලංකා ලකුණු පුවරුව, සියලුදෙනා දැවි ලකුණු 325ක් ලෙස සටහන් විය.

ධනංජය ද සිල්වා නොදැවි ලකුණු 42ක් රැස්කළ අතර චරිත් අසලංක ලකුණු 38යි.

No comments

Ads Place