Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිදුවු අකරතැබ්බ.!

  ලෝක කුසලාන තරගාවලියේ තෝරාගැනීම් තරග සදහා සිම්බාබ්වේ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පැය 3ක කාලයක් එරට හෝටල් පරිශ්‍රයේ රැඳී සිට...


 ලෝක කුසලාන තරගාවලියේ තෝරාගැනීම් තරග සදහා සිම්බාබ්වේ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පැය 3ක කාලයක් එරට හෝටල් පරිශ්‍රයේ රැඳී සිටීමට සිදුව ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නේවාසික පහසුකම් පිළිබද ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් එරට හෝටල් පරිශ්‍රයේ රැඳී සිටීමට සිදුවු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

ක්‍රිකට් කණ්ඩායම නියමිත වේලාවට පෙර හෝටල් පරිශ්‍රයට පැමිණ ඇති බවත්, ඒ වනවිට හෝටලයේ කාමර පහසුකම් නිසි පරිදි සූදානම් කර නොතිබීමෙන් රැඳී සිටීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ පිළිබඳව හෝටල් කළමනාකාරීත්වයට වාර්තා කිරීමෙන් පසු කෙටි කාලයක් තුළ එම ගැටලුව නිවැරදි කර ගැනීමට සමත් විය.

No comments

Ads Place