වසර 12ක් අධික කාලයක් තිස්සේ සිදු කළ විද්‍යාත්මක පරීක්ෂණ වලින් පසුව පිළිකා සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධයක් සොයාගෙන ඇති බව කොළඹ විශ්ව විද්‍යාල...
වසර 12ක් අධික කාලයක් තිස්සේ සිදු කළ විද්‍යාත්මක පරීක්ෂණ වලින් පසුව පිළිකා සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධයක් සොයාගෙන ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන අණුක ජීව විද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනය සදහන් කරයි.
පියයුරු පිළිකා, පෙනහළු පිළිකා, ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවන පිළිකා ඇතුළු පිළිකා වර්ග පහළොවක පමණ පිළිකා සෛල මෙමගින් විනාශ කළ හැකි බවත් පිළිකා සුව වෙමින් හිදින රෝගීන්ටද පෝෂක ඖෂධය ලබාදීමට හැකි බවද මහාචාර්ය සමීර ආර් සමරකෝන් සදහන් කරයි.
මේ වනවිට ශ්‍රී ලංකාව පත්ව තිබෙන ආර්ථික අවපාතයට විසඳුමක් ලෙස ලංකාවේ සිටින විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්ගේ සහාය මේ සදහා ලබාගෙන රට සංවර්ධනය ගෙන යාමට කටයුතු කිරීම වැදගත් බවද මහාචාර්ය සමීර ආර් සමරකෝන් සදහන් කරයි.
කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන අණුක ජීව විද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර ආර් සමරකෝන් ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මෙම නව සොයා ගැනීම සිදුකර ඇත.
No comments