Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොලිස් නිලධාරීන් සිරකරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී බලය පෙන්වයි.!

  සමස්ත ලංකා දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පොලිස් නිලධාරීන් පිරිසක් සමග ඇතිකරගත් ආරවුල මේ...

 


සමස්ත ලංකා දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පොලිස් නිලධාරීන් පිරිසක් සමග ඇතිකරගත් ආරවුල මේ වනවිට දුරදිග ගොස් ඇත.

ඇතිවූ ආරවුල සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ පාර්ශ්වයෙන් ද වරදක් සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සදහන් කරයි.

අදාළ බුද්ධි නිලධාරියා පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ට තම හැදුනුම්පත නොපෙන්වූ බවට එල්ල කරන චෝදනාව අසත්‍ය බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සදහන් කරයි.

අනතුරුව බහින්බස් වීමක් සිදුව පොලිස් නිලධාරීන් රඳවා ගැනීමට මන්ත්‍රීවරයා ඇතුළු පිරිස කටයුතු කර ඇති බවත් ඔවුන් විසින් පොලිස් නිලධාරින් සතුව තිබූ දුරකථනයක් පැහැර ගැනීම සිදුකර ඇතැයිද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සදහන් කරයි.

එම මන්ත්‍රීවරයා ඇතුළුව සහභාගි වූ සියලු දෙනාටම අදාළ චෝදනාව එල්ල වන බවත් සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කිලිනොච්චිය පොලිසිය විසින් සිදු කරන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සදහන් කරයි.

එම පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනාගේ රාජකාරියට බාධාකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නැගෙනහිර කාන්තා සංවිධායිකාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල පසු ලබන (07) වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත.

No comments

Ads Place