Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපති රනිල්ට පොහොට්ටුවේ ලොක්කන්ගෙන් රතු එළියක් – රැස්වීමත් මගහැරලා..

  ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වූ සාකච්ඡාවකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සහභාගී වී නැති බව...

 



ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වූ සාකච්ඡාවකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සහභාගී වී නැති බව වාර්තා වේ.

රටේ වත්මන් දේශපාලන වාතාවරණය සහ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම පවත්වා ඇති අතර, ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන්ට මෙම රැස්වීම සඳහා ආරාධනා කර තිබූ බව සඳහන් ය.


එහෙත් මෙම රැස්වීමට එස්. එම්. චන්ද්‍රසේන, විමලවීර දිසානායක, ගාමිණී ලොකුගේ, නාමල් රාජපක්ෂ, සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සහභාගී වී නොමැති බවයි වාර්තා වන්නේ.


කෙසේ වෙතත් එම මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ආණ්ඩුවේ අමාත්‍ය ධුර සහ රාජ්‍ය අමාත්‍යධුර දරන මන්ත්‍රීවරුන් සහභාගීවී ඇති බව ද සඳහන්ය.

No comments

Ads Place