ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා පොදුජන පෙරමුණ පක්ෂය තුළ අපේක්ෂකයෙක් සිටින බවත් නාමයෝජනා ඉදිරිපත් කිරීමට ආසන්න කාලයේදී අපේක්ෂකයා නම් කරන බව...
ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා පොදුජන පෙරමුණ පක්ෂය තුළ අපේක්ෂකයෙක් සිටින බවත් නාමයෝජනා ඉදිරිපත් කිරීමට ආසන්න කාලයේදී අපේක්ෂකයා නම් කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් සදහන් කරයි.
එළඹෙන 2024 සැප්තැම්බර් මාසයෙන් පසුව පැවැත්වීමට නියමිත මැතිවරණයට වසරකට වැඩි කාලයක් පැවතීම නිසා අපේක්ෂකයෙක් නම් කිරීමට ඉක්මන් නොවන බවද මන්ත්‍රී නීතිඥා සාගර ඊයේ (26) කාරියවසම් සදහන් කරයි.
ඉදිරියේදී රටට වඩාත් අවශ්‍යම අපේක්‍ෂකයා කවුද සම්බන්ධයෙන් තීරණය ගන්නා බවත් ආර්ථික නඟා සිටුවීමයි වඩා වැඳගත් වුවහොත් ඒ සදහා ඉතා දක්ෂ අපේක්ෂකයෙක් පක්ෂය තුළ සිටින බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
රටේ ආරක්‍ෂාව සහ ආරක්ෂාව සම්බන්ධව අනිකුත් කාරණා සම්බන්ධයෙන් වැදගත් වුවහොත් ඒ සඳහාද ඉතාම දක්ෂ අපේක්ෂකයෙක් පොදුජන පෙරමුණ පක්ෂය තුළ සිටින බවද මන්ත්‍රීවරයා තවදුරටත් සදහන් කරයි.
No comments