Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඒ ළමයාව සමාජ මාධ්‍ය තුළ තවත් අනවශ්‍ය විදියට භාවිත කරන්න එපා. ඔහුගේ ගමන ඔහුට යන්න දීලා බලාගෙන ඉන්න." - මාලිංග

  කුඩා දරුවෙකු පන්දුයවන ආකාරය දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්වී තිබේ. දිනෙත් අනුහස් නම් මෙම පුංචි පුතා ...



 කුඩා දරුවෙකු පන්දුයවන ආකාරය දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්වී තිබේ.

දිනෙත් අනුහස් නම් මෙම පුංචි පුතා පදිංචිව සිටින්නේ වීරවිල කුඩාගම්මාන 19 ප්‍රදේශයේය.

ලොව බිහිවූ විශිෂ්ටතම පන්දු යවන්නෙක් වන 'ලසිත් මාලිංග' පසුගියදා සිය ෆේස්බුක් ගිණුමේ වීඩියෝවක් පළකර එම දරුවා සොයාදෙන ලෙස ඉල්ලීමක් කර තිබුණි.

මේ වනවිට එම දරුවා ව ලසිත් මාලිංග ට සම්බන්ධ කර තිබෙන අතර ඔහුගේ පන්දුයැවීමේ ඉරියව්වේ දුටු විශේෂත්වය හේතුවෙන් ඔහුව සෙවූ බව ලසිත් මාලිංග සිය ෆේස්බුක් ගිණුමේ යළිත් වීඩියෝවක් පළ කරමින් පැහැදිලි කර තිබුණි.

ඒ අනුව ඔහු සම්බන්ධයෙන් පළමු පියවර තැබූ බව ලසිත් මාලිංග සඳහන් කරයි. 

"මගේ ෆේස්බුක් ගිණුම හරහා මම පසුගියදා වීඩියෝ එකක් ශෙයා කළා. ඒ පන්දුයවන්නව පුළුවන් නම් මට හොයලා දෙන්න කියලා. ඇයි මම එහෙම කිව්වේ කියන එක පැහැදිලි කිරීම ඉතාම වැදගත් කියලා හිතනවා." 

"මොකද හේතුව.. මේ වෙනකොට සමාජ මාධ්‍ය තුළ මගෙනුත් අහන්නේ නැතුව මම කියන විදියට සහ මම හිතන විදියට කියලා ඒගොල්ලොන්ගේ මතය ඉදිරිපත් කරමින් යනවා."

"ඒ කුඩා පන්දුයවන්නාට ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා මම හිතුවා ඇයි මම ඒ වීඩියෝ එක ශෙයා කළේ සහ මොනවද මම හිතපු දේ කියන එක පැහැදිලි කරන්න ඕනේ කියලා."

"මට ඒ පන්දුයවන්නව හොයලා දීපු සහ හොයලා දෙන්න උත්සාහ කළ හැමදෙනාටම ගොඩාක් ස්තූතියි."

"ඒ පුංචි පන්දුයවන්නාගේ වීඩියෝ එක දැක්කට පස්සේ මට මම ක්‍රීඩා කරන්න පටන්ගත්තු කාලේ.. ඒ වයසෙදී.. මම කොහොමද ටෙනිස් බෝල් ක්‍රීඩා කළේ, මට තිබුණු අත්දැකීම් සහ මම ක්‍රීඩා කරපු විදියත් එක්ක, මට ලැබුණු අවස්ථාවන් එක්ක මම හිතුවා මේ පන්දුයවන්නත් ඔහුට උපතින්ම.. ස්වාභාවික පන්දු යැවීමේ ඉරියව්වක්, පන්දුයැවීමේ හැකියාවක් තියෙනවා කියලා."

"ඒකට ප්‍රධානතම හේතුව ඔහු ඒ වීඩියෝ ක්ලිප් එකේ පන්දුයවන විදිය, දුවගෙන එන විදිය සහ ජම්ප් එක, ලෑන්ඩ් එක, පන්දු යැව්වට පස්සේ ඉරියව්ව.. ආදී මේ හැම දෙයක්ම කිසිම කෙනෙක් කියලා දෙන්නේ නැතුව ඔහුට ඒ දේ ටෙනිස් ක්‍රීඩා කරන කමන් ලැබිච්ච දෙයක්."

"ඒ වගේ දක්ෂතාවයක් සහ හැකියාවක් පුහුණු කරන්න කිසිම පුහුණුකරුවෙකුට හරිම අමාරුයි. ඒ වගේ ස්වාභාවික දෙයක් ඔහුට ලැබිලා තිබෙනවා." 

"මම පුහුණුකරුවෙක් විදියට පන්දුයවන්නන් දිහා බලන විදිය සහ මම මොනවගේ දේවල් ද සොයන්නේ කියන එක ඒ කුඩා පන්දුයවන්නා තුළ තිබුණු නිසා තමයි මම ඔහුව සොයන්න පටන්ගත්තේ."

"ඕනම තැනක පන්දුයවන්න පුළුවන් ශක්තියක් ඒ කුඩා පන්දුයවන්නා තුළ මම දැක්ක නිසා තමයි මම ඔහුව හොයන්න පටන් ගත්තේ. දැන් ඔහුව හමුවෙලා තිබෙනවා."

"මම ඔහුගේ දෙමව්පියන් සමග කතා කළා. එතනදි මම දැනගත්තා ඔහු මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාව හදාරන්නේ නැහැ කියලා." 

"මම තීරණය කළේ පළවෙනිම දේ තමයි ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරන්න කැමති නම්.. ක්‍රිකට් ක්‍රීඩා කරන්න පුළුවන් පාසලකට ඔහුව යොමු කරන එක."

"ඔහු ජීවිත් වෙන ප්‍රදේශය ආසන්නයේම ක්‍රිකට් ක්‍රීඩා කරන්න පුළුවන් පාසලක් තිබෙන්නේ දෙබරවැව කියලා තමයි වාර්තා වුණේ."

"හැමෝම දන්නවා සුරංග ලක්මාල් ගිය පාසල.. ඉතින් මගේ බලාපොරොත්තුව ක්‍රිකට් ක්‍රීඩ කරන්න පුළුවන් පාසලකට ඔහුව යොමු කරන්න. ඒක තමයි පළවෙනි පියවර."

"අපි දැනට දැකලා තියෙන්නේ ඔහු පන්දුයවන ඉරියව්ව විතරයි. ඔහුව ක්‍රීඩාවට යොමු කරලා ඔහුගේ දක්ෂතා හඳුනගන්න අවශ්‍යයි."

"අනික් එක.. ඔහු ලසිත් මාලිංග වගේ නෙමෙයි පන්දුයවන්නේ. ඔහු ඔහුටම ආවේනික ඉතාමත් පහසු, ලස්සන, ක්‍රිකට් ක්‍රීඩාවේ ගොඩක් වටින පන්දුයැවීමේ ඉරියව්වකින් තමයි පන්දුයවන්නේ."

"කිසිසේත්ම ඔහු ලසිත් මාලිංග වගේ නෙමෙයි පන්දුයවන්නේ. ඊටත් වඩා හොඳ ඉතාමත් හොඳ පන්දුයැවීමේ ඉරියව්වක් තිබෙන ක්‍රීඩකයෙක් කියලා මට හිතෙනවා. ඒ නිසා අපි බලමු ඔහුට ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ හැකියාවක් තිබෙනවා ද කියලා."

"මම ඉල්ලීමක් කරනවා.. ඒ ළමයාව සමාජ මාධ්‍ය තුළ තවත් අනවශ්‍ය විදියට භාවිත කරන්න එපා. ඔහුගේ ගමන ඔහුට යන්න දීලා බලාගෙන ඉන්න."

No comments

Ads Place