Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එස්.ටී.එෆ් වෙඩි පහරින් සැකකරුවෙකු මරුට

  ඇඹිලිපිටිය පනාමුර වැලිකඩයායා ප්‍රදේශයේ දී පොලීස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වෙඩිතැබීමකින් සැකකරුවෙකු මියගොස් තිබේ. වෙඩිතැබීම් රැසක් සම්බන්ධය...

 



ඇඹිලිපිටිය පනාමුර වැලිකඩයායා ප්‍රදේශයේ දී පොලීස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වෙඩිතැබීමකින් සැකකරුවෙකු මියගොස් තිබේ.


වෙඩිතැබීම් රැසක් සම්බන්ධයෙන් මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීම සඳහා අද (24) අලුයම සිදුකළ මෙහෙයුමකදී ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට වෙඩිතබා ඇත.


එහිදී පොලීස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සිදුකළ ප්‍රතිප්‍රහාර හමුවේ මෙම සැකකරුට වෙඩිවැදී ඇති බව පොලීසිය පවසයි.


මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි පුද්ගලයෙකි.


ඔහු හිටපු හමුදා සෙබළෙක් බව පොලීසිය පැවසීය.


සැකකරු පසුගියදා මිනුවන්ගොඩ බැස්ටියන් මාවත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමට සහ අම්බලන්ගොඩදී නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුට සිදුකළ වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවෙකු බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

No comments

Ads Place