Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාසල් ගුරුවරුන්ට ටියුෂන් පංති පැවැත්වීම තහනම් කරයි.!

  මුදල් අයකර අමතර පංති පැවැත්වීම තහනම් කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත මධ්‍යම පළාතේ අධ්‍යාපන ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත...

 



මුදල් අයකර අමතර පංති පැවැත්වීම තහනම් කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත මධ්‍යම පළාතේ අධ්‍යාපන ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

එම චක්‍රලේඛය උල්ලංඝනය කරමින් කටයුතු කරන සියලුම ගුරවරුන්ට එරෙහිව විනය පියවර ගන්නා බවද මධ්‍යම පළාතේ අධ්‍යාපන ලේකම්වරයා සදහන් කර ඇත.

ගුරුවරුන් තමන්ගෙන් ඉගෙන ගන්නා පාසල් සිසුන්ගෙන් මුදල් අයකර ගැනීම තහනම් කර ඇති අතර මධ්‍යම පළාත තුළ සාධාරණ පාසල් අධ්‍යාපනයක් ස්ථාපිත කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව චක්‍රලේඛයේ සදහන් කර ඇත.

යහපත් චේතනාවෙන් යුතුව තමන්ගෙන් පාසලේදී ඉගෙන ගන්නා සිසුන්ට මුදල් අය නොකර අමතර පංතිවල ඉගැන්වීමට බාධාවක් නොවන බවද එම චක්‍රලේඛයේ සදහන් කර ඇත.

No comments

Ads Place