2023 වසරේ යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කළ ලෝක මතක ජාත්‍යන්තර ලේඛනයේ නව උරුම 64 අතරට ශ්‍රී ලංකාවේ “මහාවංශය” ඇතුළත් කර ඇත. මෙරට “මහ...
2023 වසරේ යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කළ ලෝක මතක ජාත්‍යන්තර ලේඛනයේ නව උරුම 64 අතරට ශ්‍රී ලංකාවේ “මහාවංශය” ඇතුළත් කර ඇත.
මෙරට “මහාවංශය” යනු ලක්දිව මහා විහාර, රජවරුන්ගේ ඉතිහාසය ප්‍රධානකොට රජරට රාජධානියේ ඉතිහාසය පිළිබඳව මහා විහාරික මහානාම හිමි විසින් පාලි භාෂාවෙන් ලියන ලද ඓතිහාසික කාව්‍යයක් වේ.
මෙම “මහාවංශය” ක්‍රි.පූ. 06 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 1815 දක්වා කාලය ආවරණය වන පරිදි රචනා කර ඇති අතර යුනෙස්කෝ සංවිධානය විසින් ඒ අනුව “මහාවංශය” ලෝක මතක ලේඛන උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
මහානාම හිමි විසින් ලියන ලද කොටස (ජර්මන් ජාතික ගෛගර් පඬිතුමා විසින් පරිවර්තනය කරන ලද) මහාවංශය ලෙසත් අනිත් කතුවරුන් විසින් ලියන ලද කොටස් චුලවංශය ලෙසද හඳුන්වයි.
No comments