Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුතුරාජා ආපසු දුන්නේ රත්‍රං කිලෝ දෙකක⁣ට.. කුළුගෙඩියෙන් පහරදී කකුල කඩයි.!

  මුතුරාජා හස්තියා තායිලන්තයට භාර දෙන්නෙ රත්‍රං කිලෝ දෙකක බරට සමාන මුදලක් ගෙන ඇති බව “රෙයා ශ්‍රී ලංකා” සංවිධානයේ අධ්‍යක්ෂිකා පංචාලි පනාපිටිට...


 මුතුරාජා හස්තියා තායිලන්තයට භාර දෙන්නෙ රත්‍රං කිලෝ දෙකක බරට සමාන මුදලක් ගෙන ඇති බව “රෙයා ශ්‍රී ලංකා” සංවිධානයේ අධ්‍යක්ෂිකා පංචාලි පනාපිටිට අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී සදහන් කළහ.

තායිලන්ත රජය විසින් ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කළ මුතුරාජා හස්තියා ලංකාවට නැති කලේ කන්දේවිහාරයේ හාමුදුරුවන් විසින් බවත් ඇතාගේ ලෙඩ සනීප කර ආපසු මෙරටට බාරදෙන කතාව අසත්‍ය බවද පංචාලි පනාපිටිට සදහන් කළහ.

මුතුරාජා හස්තියා සම්බන්ධයෙන් වන ජීවී අධිකාරිය කිසිදු සොයාබැලීමක් සිදුනොකළ බවත් සංවිධාන විසින් හස්තියා ගැන සොයා නොබැලුවා නම් හස්තියා මේ වන විටත් මියගොස් ඇති බවද පංචාලි පනාපිටිට සදහන් කරයි.

හස්තියාගේ කකුලක් කැඩිලා නොව කුළුගෙඩි පහර දී කඩා ඇති බවත් හාමුදුරුවන්ට අවශ්‍ය මුතුරාජා ආපසු ගෙනවිත් හම්බකරගැනීමට බවත් වනජීවී අධිකාරියට මේ ගැන පැවසූ විට නීති ගැන කථා කිරීම පමණක් සිදුකල බවද පංචාලි පනාපිටිට සදහන් කරයි

No comments

Ads Place