කෘත්‍රිම රසකාරක යෙදූ තක්කාලි සෝස් ඇතුළු ආහාර වර්ග රාශියක් මේ වන විට වෙළෙඳපොළේ පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් ක...
කෘත්‍රිම රසකාරක යෙදූ තක්කාලි සෝස් ඇතුළු ආහාර වර්ග රාශියක් මේ වන විට වෙළෙඳපොළේ පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි.
අවන්හල්වල කෙටි කෑම සමග ලැබෙන සෝස් වර්ග බොහෝ විට මෙම අහිතකර රසකාරක යෙදූ සෝස් බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිත රෝෂන් කුමාර සදහන් කරයි.
වෙළදපොලේ විකිණීමට තිබෙන සෝස් සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂාවලට අනුව කිසිදු තක්කාලි මුලාශ්‍රයක් නැති නිෂ්පාදන හමුවු බවද නියෝජිත රෝෂන් කුමාර සදහන් කරයි.
කේටරින් සෝස් ඝනකාරක වන E 470 – 471 වර්ග ආහාරයට එක්කර ගැනීම ශරීරයට අහිතකර බවත් වර්ණක එකතු කර සාදන ලද සෝස් වර්ග ගණනාවක් වෙළදපොලේ තිබෙන බවද සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් තවදුරටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැටලීම් සිදුකරන බවත් එලෙස විකුණන ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු සදහන් කරයි.
එවැනි ආහාර තෝරාගැනීමේදි ජනතාව වඩාත් විමසිලිමත් වියයුතු බවත් කෘත්‍රිම රසකාරක නැති සෝස් වර්ග ආහාරයට ගන්නා ලෙසද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවට දැනුම්දෙයි.
No comments