Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චෙන්නායි සිට කන්කසන්තුරයට මගී නෞකා එයි..

  ඉන්දියාවේ චෙන්නායි සිට කන්කසන්තුරය දක්වා වන මගී නෞකා ගමන් සේවය ආරම්භ කරමින් ඉන්දීය සංචාරකයින් රැගත් පරීක්ෂක මගී නෞකාවක් ඊයේ (16) යාපනය කන්...

 


ඉන්දියාවේ චෙන්නායි සිට කන්කසන්තුරය දක්වා වන මගී නෞකා ගමන් සේවය ආරම්භ කරමින් ඉන්දීය සංචාරකයින් රැගත් පරීක්ෂක මගී නෞකාවක් ඊයේ (16) යාපනය කන්කසන්තුරය වරාය වෙත සේන්දු වී ඇති බව වාර්තා වේ.

වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා හා ධීවර කටයුතු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහත්වරු පරීක්ෂක මගී නෞකාව හා එහි පැමිණි සංචාරකයන් පිළිගැනීම සිදුකර තිබේ.

ඉන්දියාවේ චෙන්නායි පොන්ඩිචේරි වරායේ සිට කන්කසන්තුරය දක්වා මගී නෞකා සේවයක් ආරම්භ කිරීම සඳහා ශ්‍රි ලංකා රජය විසින් කළ ඉල්ලීමක් අනුව මෙම මගී ප්‍රවාහන සේවය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

No comments

Ads Place