Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුර ධුරයෙන් ඉවත් කරන්නැයි දෙමළ සන්ධානයෙන් බලපෑම්..

  බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එම ධුරයෙන් ඉවත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්...

 


බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එම ධුරයෙන් ඉවත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා ඉල්ලා අස්වීමේ සිදුවීම විවාදාත්මක තත්ත්වයක් ඇති කර තිබෙන නමුත් මෑතක දී ජනාධිපතිවරයා හා පැවති සාකච්ඡාවලදී පවා මනතුංග මහතා අදහස් දැක්වූයේ කැබිනට් තීරණ පවා ක්‍රියාත්මක කිරීමට අකමැති ආකාරයෙන් බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

නමුත් එම තත්ත්වය විෂය භාර අමාත්‍යවරයා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා අතර පවතින ගැටලුවක් වන බවත් එම ගැටලුව තම පාර්ශ්වයට අදාල නොවන බවත් තම පක්ෂයට ඇති ගැටලුව නම් උතුර නැගෙන පළාත්වල ඉඩම් ආක්‍රමණය කිරීම බවත් මන්ත්‍රීවරයා පවසයි.

එබැවින් වික්‍රමනායක මහතා එම ධුරයෙන් ඉවත් කරන්නයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

චාවකච්චේරිය දී මාධ්‍ය අමතමින් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා මේ බව පැවසීය.

No comments

Ads Place