Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපති රනිල්ට බැසිල්ගෙන් පොරොන්දුවක්

  ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය ලෙස පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට මෙතෙක් ලබාදුන් සහය අඛණ්ඩව ඉදිරියටද ලබාදෙන බව පක්ෂයේ ජාතික සංවිධ...

 


ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය ලෙස පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට මෙතෙක් ලබාදුන් සහය අඛණ්ඩව ඉදිරියටද ලබාදෙන බව පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සදහන් කරයි.

තම පක්ෂයේ ඇතැම් වෘත්තීය සමිති සහ ප්‍රාදේශීය දේශපාලනඥයන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්බන්ධව යම් විරෝධතා අදහස් දක්වන නමුත් එම ගැටළු කිසිවක් රට ගොඩනඟන වැඩපිළිවෙළ සඳහා සහාය නොදීමට තරම් බරපතල නොවන බව බැසිල් රාජපක්ෂ සදහන් කරයි.

ඉදිරියටත් එක්ව කටයුතු කිරීමේදී මතුවන ඕනෑම ගැටළුවක් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට හැකියාව ඇති බවත් ඒ සම්බන්ධයෙන් මාසයකට දවසක් හෝ ජනාධිපතිවරයා සමඟ මුහුණට මුහුණ හමු වී සාකච්ඡා කිරීම වැදගත් බවද බැසිල් රාජපක්ෂ සඳහන් කර ඇත.

මෑත ඉතිහාසයේ ජනාධිපතිවරුන් කිහිපදෙනකු සමඟ පොදුජන පෙරමුණ පක්ෂය කටයුතු කර ඇති බවත් මෙතෙක් කිසිඳු ජනාධිපතිවරයකුට නොතිබූ ආකාරයේ සංවිධානාත්මක සහ ක්‍රියාශීලී කාර්ය මණ්ඩලයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සතුව ඇති බවද බැසිල් රාජපක්ෂ සදහන් කර ඇත.

ඊයේ (14) දිනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ආණ්ඩු පාර්ශ්වයේ පක්ෂ නායකයන් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ බව සදහන් කර ඇත.

No comments

Ads Place