මේ දිනවල උණ රෝගය වැළඳී ඇත්තේ නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සදහන් ...
මේ දිනවල උණ රෝගය වැළඳී ඇත්තේ නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සදහන් කරයි.
උණ ඇතිනම් එදිනෙදා කරන රාජකාරිවලින් ඉවත් වී විවේක ගැනීම අනිවාර්යය බවත් පුළුවන් තරම් දියරමය ආහාර වැඩිපුර එකතුකර ගැනීම සුදුසු බවද වෛද්‍ය හරිත අලුත්ගේ සදහන් කරයි.
උණ පාලනය කරගැනීම සදහා පැරසිටිමෝල් ඖෂධය නියමිත මාත්‍රාව නියමිත අයුරින් ලබාගන්නා ලෙසත් ඒ හැරරෙන්න වෙනත් ඖෂධ ලබා නොගන්නා ලෙසද වෛද්‍ය හරිත අලුත්ගේ සදහන් කරයි.
තවද මේ දිනවල ඩිස්ප්‍රීන්, ඇස්ප්‍රීන් කාණ්ඩයේ ඖෂධ කිසිවක් උණ රෝගය පාලනය කිරීම සදහා භාවිතා නොකළ යුතු බවත් ඩෙංගු රෝගය ඇතිනම් ඒ හරහා අනවශ්‍ය සංකූලතා ඇති විය හැකි බවද වෛද්‍යවරයා සදහන් කරයි.
එලෙස අනවශ්‍ය සංකූලතා ඇතිවීම හරහා අවසානය වනවිට මරණය සිදුවිය හැකි බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ තවදුරටත් සදහන් කරයි.
No comments