Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඕමල්පේ සෝභිත හිමිගේ විහාරස්ථාන වල විදුලිය කපයි.!

 ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ට අයත් සිරිබෝපුර පිහිටා ඇති ශ්‍රී ධර්මසිංහාරාමය සහ උතුවන්කන්ද ශ්‍රී ධර්මදුත යෝගාශ්‍රමයේ විදුලි සැපයුම විස...



 ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ට අයත් සිරිබෝපුර පිහිටා ඇති ශ්‍රී ධර්මසිංහාරාමය සහ උතුවන්කන්ද ශ්‍රී ධර්මදුත යෝගාශ්‍රමයේ විදුලි සැපයුම විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇත.

උතුවන්කන්ද ශ්‍රී ධර්මධුත යෝගාශ්‍රමයේ විදුලි බිල රුපියල් අනූ හතර දහසක් වන බවත් සිරිබෝපුර ශ්‍රී ධර්මසිංහාරාමයේ විදුලි බිල රුපියල් විසි දෙදහසක් බැවින් විදුලි බිල් නොගෙවීම මත විදුලිය විසන්ධි කළ බව විදුලිබල මණ්ඩලය සදහන් කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පැවසුවේ, එම විදුලි බිලෙන් කොටසක් මාස්පතා ගෙවද්දී විදුලිබල මණ්ඩලය මෙලෙස විදුලිය විසන්දි කර ඇති බවයි.

No comments

Ads Place