Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ස්ථිර විසඳුම් ලැබෙන තෙක් යළි සාකච්ඡා නැහැ – දෙමළ ජාතික සන්ධානය ජනපති රන්ලට දන්වයි..

  දෙමළ ජනතාවගේ ගැටලුවලට ස්ථීර විසඳුම් ලබාදීමට ආණ්ඩුව කඩිනමින් පියවර නොගන්නේ නම් යළිත් ආණ්ඩුව සමග සාකච්ඡා සඳහා සහභාගි නොවන බව දෙමළ ජාතික සන්ධ...

 



දෙමළ ජනතාවගේ ගැටලුවලට ස්ථීර විසඳුම් ලබාදීමට ආණ්ඩුව කඩිනමින් පියවර නොගන්නේ නම් යළිත් ආණ්ඩුව සමග සාකච්ඡා සඳහා සහභාගි නොවන බව දෙමළ ජාතික සන්ධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්‍යන් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී මේ පිළිබඳව දැනුම්දුන් බවයි.

ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස එම සාකච්ඡාවේ දී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා වාර කිහිපයක් පවත්වනු ලැබීය.

එහෙත් සිය ගැටලු සඳහා මෙතෙක් ස්ථීර පිළිගත හැකි විසඳුමක් ලැබී නොමැති බවයි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් පවසන්නේ.

එම නිසා ජුලි මාසය අවසන් වීමට පෙර ජනවාර්ගික අර්බුදය සඳහා විසඳුම් ලබානොදුනහොත් යළිත් ආණ්ඩුව සමග සාකච්ඡා නොකිරීමට සිය පක්ෂය තීරණය කර ඇති බව රාසමානික්කම් ශානක්‍යයන් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

No comments

Ads Place