Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අකුරු කෙරූ පාසලටම වින කරන දරුවන්ගේ විනය විරෝධී ක්‍රියාවන් තවත් සමාජ ව්‍යවසනයක පෙරනිමිත්තක්

  පසුගියදා පැවති සාමාන්‍ය පෙළ විභාගය අතරේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වූ දසුන් සහ සේයා රූ කිහිපයක් සමාජ මාධ්‍යවල සංසරණය විය. ඒ තමන් අකුරු උගත් ප...

 


පසුගියදා පැවති සාමාන්‍ය පෙළ විභාගය අතරේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වූ දසුන් සහ සේයා රූ කිහිපයක් සමාජ මාධ්‍යවල සංසරණය විය.

ඒ තමන් අකුරු උගත් පාසලේ භෞතික සම්පත්වලට හානි කර ගොස් තිබූ අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දර්ශන ය.

දරුවන්ගේ ආකල්ප වර්ධනය දියුණු කළ හැකි හොඳම පරිසරය නිවස සහ පාසල වුවුද පසුගිය කාලය පුරා දරුවන්ගේ අනිසි ක්‍රියාගැන නිරන්තරයෙන් වාර්තා වන්නට විය.

ඇතැම් ගුරු සංගම් චෝදනා නගන්නේ මේ තත්ත්වයට පාසල් ගුරුවරු ඇතුළු අධ්‍යාපන බලධාරීන් ද වගකිව යුතු බවය.

එහෙත් විවිධ පාර්ශ්ව පෙන්වා දෙන්නේ මෑත වකවානුව තුළ සමාජයේ ඇතිවූ විවිධ ගැටුම් හා අරගල හේතුවෙන් මෙන්ම පාසලෙන් පරිභාහිර වූ දුරස්ථ අධ්‍යාපන රටාව හරහා මෙම තත්ත්වයන් වර්ධනය වී ඇති බවයි.

පාසල් කාලය සුන්දරය. සුදු ඇඳුමෙන් සැරසුණු දරුවන් දකින ඕනෑම කෙනෙක්ට හිතෙන්නේ ආයේ පාසල් යන්න හැකි නම් කියාය.

එහෙත් වර්තමාන දරු පරපුර එම සුන්දරත්වයෙන් මිදී සමාජ ව්‍යවසනයන්ගේ ගොදුරු බවට පත්ව ඇති තත්ත්වයක් මතුව ඇති පසුබිමක ඔවුන් එයින් මුදවා ගැනීම සඳහා දෙමාපියන්, ගුරුවරුන් හා වගකිවයුතු බලධාරීන් මෙන්ම ආගමික මධ්‍යස්ථාන ද වෙන කවරදාටත් වඩා මැදිහත් විය යුතු බවයි විද්වතුන් පෙන්වා දෙන්නේ

No comments

Ads Place