Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇමතිගේ රැස්වීමට යාමට සිටි පිරිසට වෙඩි වරුසාවක්.!

  කැලණිය ප්‍රාදේශීය කාර්යාලය අසල පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ රැස්වීමට යාමට සිටි තිදෙනකුට යතුරුපැදියකින් පැමිණි ප...

 


කැලණිය ප්‍රාදේශීය කාර්යාලය අසල පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ රැස්වීමට යාමට සිටි තිදෙනකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඇති බව පොලිසිය සදහන් කරයි.

එම තිදෙනා දිප්පිටිගොඩ 6 කනුව ආසන්නයේ රැඳී සිටි ඇති බවත් වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව තිදෙනාම තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය සදහන් කරයි.

තරංග නැමැති මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධව රිමාන්ඩ් බාරයේ සිට අධිකරණය මගින් ඇප මත මුදා හැර සිටී අයකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවත් එහිදී ඔහු සමඟ රැඳී සිටි දෙදෙනාටද වෙඩි වැදී ඇති බවද පොලීසිය සදහන් කරයි.

එම වෙඩි ප්‍රහාරය එල්ල වනවාත් සමඟ ඔවුන් දිවි බේරා ගැනීමට දිව යද්දී පසුපස පන්නාගෙන ආ වෙඩික්කරුවන් යළි යළිත් වෙඩි තබා ඇති බවත් ඒ අසල හිස් උණ්ඩ පහළොවක් පමණ අවට විසිරී තිබී හමුවු බවද පොලීසිය සදහන් කරයි.

මෙම වෙඩි තැබීමට හේතුව මෙතක් අනාවරණය වී නොමැති අතර වෙඩික්කරුවන් යතුරුපැදියකින් පලාගොස් ඇති බවත් එම පළාගිය පුද්ගලයින් සොයා පොලීසිය විමර්ශන අරඹා ඇති බවද සදහන් කරයි.

No comments

Ads Place