Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් තරුණ ගුරුවරියක් ජීවිතයෙන් සමුගනී.!

29 හැවිරිදි උපාධිධාරි ගුරුවරියක් චෝදනාවන්ට ලක්ව ඇති වෛද්‍යවරයෙකුගේ සැත්කමකින් පසු වසරකුත් මාස හතක් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒ...


29 හැවිරිදි උපාධිධාරි ගුරුවරියක් චෝදනාවන්ට ලක්ව ඇති වෛද්‍යවරයෙකුගේ සැත්කමකින් පසු වසරකුත් මාස හතක් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ හා පුනරුත්තාපන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී (18) වනදා මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ, කැලණිය, නාතුඩුව, සයිමන් මාවතේ පදිංචිව සිටි කලණි ඉරෝෂා පෙරේරා නමැති 29 හැවිරිදි ගුරුවරියකි. ඇය සබරගමුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වන අතර කොළඹ මියුසියස් විද්‍යාලයේ සෞඛ්‍ය හා ක්‍රීඩා අංශයේ ගුරුවරියක් ලෙස කටයුතු කර ඇත.

පිත්තාශයෙත් පිත්ත නාළවල ගල් ඇතැයි පවසා සැත්කමකට රෝහල්ගත කර ඇති අතර එම ගල් ඉවත් කිරීමට සැත්කමකට භාජන කිරීමෙන් පසු ඇය අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ වසර එකහමාරකට වඩා වැඩි කාලයක් සිටි බවද ඇගේ දෙමාපියන් සදහන් කරයි.

අනතුරුව මේ සම්බන්ධව විමසීමට ගියවිට රෝහල් අධ්‍යක්ෂවරයා, ශල්‍යකර්මය කරපු වෛද්‍යවරයා සහ එතැන හිටපු ආරක්ෂක නිලධාරීන් පවා අන්තිම පහත් විධියට බැන වැදුණු බවත් එම නිර්වින්දන කරපු වෛද්‍යවරියන් දෙපළ කවදාවත් මුහුණ දීමට පැමිණියේ නැති බවද ඇගේ දෙමාපියන් සදහන් කරයි.

No comments

Ads Place