දිවයින පුරා සිපෙට්කෝ පිරවුම්හල්වල ඔක්ටේන් 95 පෙට්‍රල් නොමැති තත්වයකට පත්ව ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවෝ සදහන් කරයි. සති දෙකකට ආසන්න කාලයක ස...
දිවයින පුරා සිපෙට්කෝ පිරවුම්හල්වල ඔක්ටේන් 95 පෙට්‍රල් නොමැති තත්වයකට පත්ව ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවෝ සදහන් කරයි.
සති දෙකකට ආසන්න කාලයක සිට ඛනිජ තෙල් සංස්ථාව සතුව ඔක්ටේන් 95 පෙට්‍රල් තොග නොමැතිවීම හේතුවෙන් එම පෙට්‍රල් ඇණවුම් නොලැබෙන බව ඛනිජ තෙල් බෙදුම්කරුවෝ සදහන් කරයි.
ඛනිජ තෙල් බෙදුම්කරුවෝ තවදුරටත් සදහන් කළේ, ඔක්ටේන් 95 පෙට්‍රල් තොග නිසි අයුරින් ඛනිජ තෙල් සංස්ථාව පවත්වාගෙන නොයාම මෙම තත්ත්වයට හේතුව බවයි.
No comments