Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොන්දේසි 62න් තවමත් ඉටුකරලා තියෙන්නේ කොන්දේසි 25ක් විතරයි! IMF දෙවැනි වාරිකය කොට උඩ යයිද?

  ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන ඇති ගිවිසුම අනුව දෙවැනි ණය වාරිකය ලබා ගැනීමට පෙර සම්පූර්ණ කළ යුතු එකඟතා ප්‍රමාණය හැට...




 ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන ඇති ගිවිසුම අනුව දෙවැනි ණය වාරිකය ලබා ගැනීමට පෙර සම්පූර්ණ කළ යුතු එකඟතා ප්‍රමාණය හැට දෙකක් වුවත් මේ දක්වා සම්පූර්ණ කර ඇත්තේ එකඟතා විසි පහක් පමණ බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පර්‌යේෂණ විශ්ලේෂකවරියක ලෙසද සේවය කර ඇති වෙරිටේ රිසර්ච් ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්‌යේෂණ විශ්ලේෂකවරියක වන සුරේනි වීරතුංග ශ්‍රී ලංකා රජය හා අයි.එම්.එෆ්. ආයතනය සමග ඇති කරගත් එකඟතාව පිළිබඳ සකස් කළ වාර්තාවේ මේ බව සඳහන් කර ඇත.

2023 අප්‍රේල් 30 දිනට පෙර සම්පූර්ණ කිරීමට නියමිතව තිබූ නව මහ බැංකු පනතට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම හා ඔට්ටු හා සුරාබදු ඉහළ දැමීම යන එකඟතා දෙක ශ්‍රී ලංකා රජය මේ දක්වා ඉටුකර නැති බවද ඔවුන් පෙන්වා දී තිබේ. 

එමෙන්ම මූල්‍ය විනිවිදභාවය සඳහා මාර්ගගත වේදිකාවක් නිර්මාණය කිරීම 2023.04.30ට පෙර ඉටු කරන බවට ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති නමුත් එයද සම්පූර්ණ කර නැත. මේ අනුව එළැඹෙන සැප්තැම්බර් මස තිස්වැනිදා වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සම්පූර්ණ කළ යුතු එකඟතා ප්‍රමාණය 37කි. එමෙන්ම ඉකුත් අප්‍රේල් 31ට පෙර සම්පූර්ණ කරන බවට ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පොරොන්දු වී ඇති කරුණු දහයක තොරතුරු මේ දක්වා රජය ප්‍රකාශයට පත් කර නැති බවද වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී ඇත.


No comments

Ads Place