Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්!

  මේ වසරේ ගත වූ කාලසීමාව තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 45,000 ඉක්මවා ගොස් තිබෙනවා.  ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට දැක්වෙන්නේ...

 


මේ වසරේ ගත වූ කාලසීමාව තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 45,000 ඉක්මවා ගොස් තිබෙනවා. 

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට දැක්වෙන්නේ 2023 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් ඩෙංගු මරණ 26ක් සහ රෝගීන් 45,269ක් වාර්තා වී ඇති බවයි.

එම ඩෙංගු රෝගීන්ගෙන් අඩක්ම බස්නාහිර පළාතෙන් වීම විශේෂත්වයක්.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රදේශ 60කට අධික ප්‍රමාණයක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම්කර තිබෙනවා.

පවතින තත්ත්වය මත ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව රට පුරා ජනතාව දැනුවත් කිරීමේ සහ ඩෙංගු මර්දන වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

No comments

Ads Place