Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගිය මාස 6ට මිනිස්සු 255ක් මරලා! වෙඩි තියපු සිද්ධි 34ක්!

  මෙම වසරේ මේ දක්වා කාලය තුළ මනුෂ්‍ය ඝාතන 255ක් වාර්තාවී ඇති බව පොලීසිය පවසයි.  පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල...

 මෙම වසරේ මේ දක්වා කාලය තුළ මනුෂ්‍ය ඝාතන 255ක් වාර්තාවී ඇති බව පොලීසිය පවසයි. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, 2022 වසරේදී වාර්තා වූ මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව 559ක් බවය.

මේ අතර ගිය වසර තුළ වෙඩිතැබීමේ සිද්ධි 60කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මෙම වසරේ මේ දක්වා වාර්තාවී ඇති වෙඩිතැබීම් සංඛ්‍යාව 34ක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

මෙරට තුළ සිදුවන වෙඩිතැබීම් හා අපරාධ අවම කිරීම සඳහා ක්ෂේත්‍රයේ පොලිස් නිලධාරීන් යොදවා ඇති බවත් පොලිස්  මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පැවසීය.

No comments

Ads Place