Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 51ක් අතුරුදන් වෙයි.!

  පසුගිය 2022 වසරේ අවසානය දක්වාම ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 51ක් සම්බන්ධව කිසිදු තොරතුරක් සොයාගත නොහැකිවූ බව ජාතික විගණන කාර්යාලය සද...


 පසුගිය 2022 වසරේ අවසානය දක්වාම ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 51ක් සම්බන්ධව කිසිදු තොරතුරක් සොයාගත නොහැකිවූ බව ජාතික විගණන කාර්යාලය සදහන් කරයි.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 51ක වටිනාකමක් හෝ එම වාහන සොයා ගැනීමට නොහැකිව ඇති බවද ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවේ සදහන් වේ.

තවද ජනාධිපති කාර්යාලය සතු වාහන 53 ක් වෙනත් රාජ්‍ය ආයතන, විහාරස්ථාන, ආගමික නායකයන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිදහස් කර ඇති බවද ජාතික විගණන කාර්යාලය සදහන් කරයි.

ඒ අතුරින් වාහන 27ක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය නඩත්තු වියදම් ලෙස පසුගිය 2022 වසරේදී රුපියල් එක් කෝටි තිස් හත් ලක්ෂයක් වැය කර ඇති බවද ජාතික විගණන කාර්යාලය සදහන් කරයි.

ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන වෙනත් ආයතනවලට ලබාදී තිබුණද එම වාහන විධිමත් අනුමැතියක් යටතේ විධිමත් ක්‍රමවේදයකට පැවරීම සිදුකර නොතිබූ බවද ජාතික විගණන කාර්යාලය සදහන් කරයි.

No comments

Ads Place