Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හෝමාගම, කොස්ගොඩ, කොට්ටාව යන ප්‍රදේශවල වෙඩි තැබීම්වලින් 3ක් මරුට..

  හෝමාගම මහ කටුවාන ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ හෝමා...

 


හෝමාගම මහ කටුවාන ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම මහා කටුවාන ප්‍රදේශයේ 46 හැවිරිදි පුද්ගලයෙකි.

මොහු ඊයේ රාත්‍රී 8 ට පමණ නිවෙස ඉදිරිපිට දුරකථන ඇමතුමක් ගනිමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පළා ගොස් තිබේ.

තුවාලකරු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මේ අතර, කොස්ගොඩ හිද්දරුව ප්‍රදේශයේදී ද අද(21)උදේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මරුමුවට පත්වී ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි.

මේ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ පාතාල නායක කොස්ගොඩ සුජී නමැත්තගේ සමීපතයකු වන කොස්ගොඩ රන් මහත්තයා නමැත්තා බව ද පොලීසිය කියයි.

ඔහු සිය නිවසේ සිටින විටදී යතුරු පැදියෙන් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩි තබා පලා ගොස් ඇති බව ද පොලීසිය කියයි.

මෙය පාතාල කණ්ඩායම් දෙකක විරසකයක් මෙම වෙඩි තැබීමට හේතු වී ඇති බවට පොලිසිය සැකකරයි.

තවත් වෙඩි තැබීමක් කොට්ටාව ප්‍රෙද්ශයේ දී සිදු වී තිබේ. කොට්ටාව ධර්මපාල විද්‍යාලය ඉදිරිපිටදී අද( 21) උදෑසන සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.

මියගිය පුද්ගලයා කොළඹ ලංකා රෝහලේ සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කර ඇති අතර ඔහු උදෑසන 8 ට පමණ කොට්ටාව ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට පිහිටි රුධිර පරීක්ෂණ ආයතනයෙන් දෛනික සේවය ආරම්භ කිරීමට පැමිණ සිටියදී යතුරුපැදියෙන් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළා ගොස් තිබේ.

වෙඩි තැබීමෙන් තුවාල කරුගේ හිසට බරපතළ තුවාල සිදුව ඇති අතර ඔහු හෝමාගම මූලික රෝහලට රැගෙන යන අතරතුර දී මිය ගොස් ඇත.

No comments

Ads Place