Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බස් එකෙන් බැහැලා ඉස්සරහට යද්දී ආපු බස් එකම ඇඟ උඩින් ගිහින් ! 23 හැවිරිදි තරුණිය එතැනම මරුට

  අවිස්සාවේල්ල – උක්වත්ත සුසාන භූමිය අසල දී ඊයේ (25) පස්වරුවේ සිදුවූ අනතුරකින් 23 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බස් රථයට යටවීමෙ...

 


අවිස්සාවේල්ල – උක්වත්ත සුසාන භූමිය අසල දී ඊයේ (25) පස්වරුවේ සිදුවූ අනතුරකින් 23 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බස් රථයට යටවීමෙන් මෙලෙස අනතුරට ලක්ව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවිස්සාවේල්ල – පුවක්පිටිය, ප්‍රගතිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි දොලවගේ දෝන ඩිලක්ෂි දිල්ෂිකා නමැති තරැණියක්.

මෙම තරුණිය බස් රථයෙන් බැස ඉදිරියට යාමේදී පිටුපසින් පැමිණි බස් රථය ඇයගේ ගැටී තිබෙනවා.

එම අවස්ථාවේ දී මාර්ගයේ ඇදවැටුණු තරුණියගේ ශරීරය මතින් බස් රථය ධාවනය වීමෙන් එම අනතුර සිදුව ඇති බවයි අවිස්සාවේල්ල ⁣මූලස්ථාන පොලිසිය සඳහන් කළේ.

මෘත ශරීරය අවිස්සාවේල්ල මූලික රෝහලට යොමුකර ඇති අතර, මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.

No comments

Ads Place