Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 23ක් එලියට දමයි..

  ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනියුක්තව සේවය කරමින් ආයතන දෙකකින් වරප්‍රසාද ලැබුවේ යැයි කියන ඖෂධවේදීන්   23 ක් නැවත සෞඛ්‍ය අමාත්‍යංශයට මුදාහැර...

 


ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනියුක්තව සේවය කරමින් ආයතන දෙකකින් වරප්‍රසාද ලැබුවේ යැයි කියන ඖෂධවේදීන්  23ක් නැවත සෞඛ්‍ය අමාත්‍යංශයට මුදාහැරීමට එම අධිකාරිය පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පැවැති වෛද්‍ය තාක්ෂණ හා සැපයීම් ආයතනය සහ ජාතික ඖෂධ තත්ව ආරක්ෂණ පරීක්‍ෂණාගාරයේ කටයුතු ජාතික ඖෂධ නියාමන අධීකාරියට 2015 වසරේ පත්කිරීමෙන් පසු අහෝසි වූ ආයතනවල සේවයේ නිරතවූ ඖෂධවේදීන් මෙසේ තාවකාලිකව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සේවයට අනියුක්ත කර තිබුණි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්ථිර සේවයට ඇතුළත්වීමට එම ඖෂධවේදීන්ට වරින් වර අවස්ථාවන් දුන්නද විවිධ හේතුන් දක්වමින් එම අවස්ථා පැහැර හැර සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් වසර අටකට ආසන්න කාලයක් වරප්‍රසාද ලබමින් ඔවුන් සිටි බවත් ඒ හේතුවෙන් අධිකාරියේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමට ද ගැටලු නිර්මාණය වූ බවත් එම අධිකාරියේ නිලධාරියෙක් පැවසීය.

No comments

Ads Place