Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

160ට තිබ්බ පිටි මිල එකපාරටම 200ට නැගලා!

  ආනයනය තිරිගු පිටි මිල රුපියල් හතළිහකින් වැඩි වී ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.  පසුගිය දා රුපියල් 160 ට තිබූ ආනයන තිරිඟු ප...

 



ආනයනය තිරිගු පිටි මිල රුපියල් හතළිහකින් වැඩි වී ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. 

පසුගිය දා රුපියල් 160 ට තිබූ ආනයන තිරිඟු පිටි කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 200 දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔවුන් කියන්නේ. 

රුපියල් 40 ක බද්දක් යටතේ ඕනෑම අයකුට තිරිඟු පිටි ගෙන්වීමට තිබූ අවස්ථාවට අහෝසි කර අනිවාර්යයෙන්ම බලපත්‍රයක් ලබා ගත යුතු බවට මුදල් අමාත්‍යංශය නියෝගයක් නිකුත් කිරීමත් සමඟ යි මෙලෙස ආනයනික තිරිගු පිටි තොග මිල වැඩි වීමට හේතු වී තිබෙන බවයි කියන්නේ.

මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් මගින් තිරිඟු පිටි ආනයනයේදී අනිවාර්යයෙන්ම බලපත්‍රයක් ලබා ගැනීමට නියම කිරීමේ හේතුව මත ආනයනික තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 40 කින් ඉහළ දැමීමට තිරිගු පිටි ආනයනකරුවන් කටයුතු කර තිබෙන බවයි සමහර වාර්තා පවසන්නේ.

මෙරට ප්‍රධාන පෙළේ පිටි ආනයන සමාගම් විසින් තිරිඟු ඇට ආනයනය කර ඒවා මෙරට දී පිටි කර බෙදා හරින අතර තිරිඟු ඇට සඳහා ආනයනය සඳහා බදු අය කරන්නේ කිලෝවකට රුපියල් තුනක් පමණයි. ඒ යටතේ මෙරටට තිරිඟු ඇට ආනයනය කර පිටිකර බෙදාහරින සමාගම් පිටි කිලෝවකින් රුපියල් 53 කට අධික ලාභයක් ලබන බවයි පැවසෙන්නේ.

No comments

Ads Place