අර්තාපල් ආනයනය කරන ලද කන්ටේනරයක සඟවා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 16ක් මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් එම බහාලුම නිෂ්කාශනය සඳහා සූදානම්ව සිටි ආයතනයේ...
අර්තාපල් ආනයනය කරන ලද කන්ටේනරයක සඟවා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 16ක් මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් එම බහාලුම නිෂ්කාශනය සඳහා සූදානම්ව සිටි ආයතනයේ හිමිකරු ඇතුළු තිදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
එම තිදෙනා අතර ආයතනයේ හිමිකරුට අමතරව ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පුද්ගලයකුද අර්තාපල් සහිත බහාලුම යොමු කිරීම සඳහා සූදානම් කර තිබූ ගොකරැල්ල ප්‍රදේශයේ පිහිටි ස්ථානයක නම සහ ලිපිනයට අදාළ පුද්ගලයා ද මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් අවුරුදු 27, 37 සහ 50 වයස්වල පසුවන අතර කොළඹ සහ ගොකරැල්ලේ පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මෙම හෙරොයින් ජාවාරමට සම්බන්ධ පකිස්තාන ජාතිකයකුගේ තොරතුරු ද අනාවරණය කර ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි වී ඇති අතර තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා සැකකරුවන් මාලිගාවත්ත අධිකරණයට ඉදිරිපත් කොට රැඳවුම් නියෝග ලබා ගැනීමට පියවර ගෙන තිබේ.
ඉකුත් 21 වන දා ශ්‍රී ලංකා රේගු නිලධාරීන් සහ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් පකිස්තානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සැකකටයුතු බහාලුමක් පරීක්ෂා කොට ඒ තුළ සූක්ෂ්ම ලෙස සකස්කර තිබූ පාර්සල් 12ක තිබූ මෙම මත්ද්‍රව්‍ය කිලෝ 16යි ග්‍රෑම් 193 සිය භාරයට ගෙන තිබිණි.
No comments