Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වැවුරුකන්නල රජ මහා විහාරයත් කළුවරේ – විදුලි බිල ලක්ෂ 10යි..

  ඓතිහාසික දික්වැල්ල වැවුරුකන්නල බුදු රාජ මහා විහාරස්ථානයේ විදුලි බලය විසන්ධි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය ඊයේ (ජූනි 19) කටයුතු කර ඇති බව වා...

 



ඓතිහාසික දික්වැල්ල වැවුරුකන්නල බුදු රාජ මහා විහාරස්ථානයේ විදුලි බලය විසන්ධි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය ඊයේ (ජූනි 19) කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඊයේ වන විට වැවුරුකන්නල විහාරස්ථානයේ විදුලි බිල රුපියල් දසලක්ෂ පනස්හතර දහස් එකසිය දහඅටක් වී තිබූ බව ද වාර්තා වේ.

මෙය පූජා නගරයක් ලෙස 1988 වර්ෂයේ නම් කිරීමත් සමග මෙම විහාරස්ථානය සඳහා විදුලි බිල සහනය ලබා දී ඇති අතර පසුගිය දා විදුලි බිල් වැඩි කිරීමත් සමග විහාරස්ථානයේ මෙලෙස අධික විදුලි බිලක් එකතු විය.

මෙම විහාරස්ථානයට දිවයිනේ නන් දෙසින් දේශීය විදේශීය බැතිමතුන් පැමිණෙන අතර ඓතිහාසික වටිනාකමකින් ද යුතු විහාරස්ථානයකි.

එමෙන් ම, සමාජ මෙහෙවරක් ලෙස මෙම විහාරස්ථානය මගින් පිරිවෙන් දෙකක් පවත්වාගෙන යන අතර විහාරස්ථානය මගින් පාසලක් ද පවත්වාගෙන යයි.

ආගමික, ශාසනික සහ සමාජීය මෙහෙවර රාශියක් සිදු කරන මෙම විහාරස්ථානය ඊයේ දින සිට විදුලි බලය නොමැති වීමෙන් අන්ධකාරයේ පවතී

No comments

Ads Place