Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රටම ගිනිගත්ත මැයි 09 සිද්ධියට පොලිස් නිලධාරීන් 73කට වැඩ වරදින ලකුණු.!

  පොලිස් නිලධාරීන් 73 දෙනෙකු සම්බන්ධයෙන් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පසුගි...

 


පොලිස් නිලධාරීන් 73 දෙනෙකු සම්බන්ධයෙන් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පසුගියදා පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.

2022 වසරේ මැයි (09) දින ගිනි ගැනීම් සිදුවීම් වලට අදාළව පොලිස් වසම් 69 කට අදාළ නිලධාරීන් 73ක් පිළිබඳ එම විමර්ශනයක් ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

ඒ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 62ක්, කාන්තා පොලිස් පරීක්ෂකවරියක්, පොලිස් පරීක්ෂකවරුන් 06 දෙනෙකු, උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරයෙකු, පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු වේ.

එම පුද්ගලයන් එම තනතුරුවල තවදුරටත් තබා ගැනීම මූලික විමර්ශනවලට බාධාවක් හේතුවෙන් නිලධාරීන් 38ක් මාරු කර ඇති බවත් නිලධාරීන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරගෙන යන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

No comments

Ads Place