Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නතාෂාගේ පැත්තේ සිටි 05 දෙනෙකුට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා.. විමර්ශන අරඹයි.!

  බුදුදහමට අපහාස වන අයුරින් ප්‍රකාශයන් කළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ජනමාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පුද්ගලයන් 05 දෙනෙකුට අධික...

 


බුදුදහමට අපහාස වන අයුරින් ප්‍රකාශයන් කළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ජනමාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පුද්ගලයන් 05 දෙනෙකුට අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.

එම පුද්ගලයින් වන්නේ තරිඳු ජයවර්ධන සහ තරිඳු උඩවරගෙදර, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, සමාජ ක්‍රියාකාරීන් වන විදර්ශන කන්නන්ගර, බිට්‍රෝ ප්‍රනාන්දු යන අය වන අතර නතාෂා එදිරිසූරියට එරෙහි නඩුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී මෙම චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.

නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීමෙන් පසු එම පුද්ගලයන් පැවැත්වූ ජනමාධ්‍ය හමුව අධිකරණයට අපහාස කිරීමේ ක්‍රියාවක් බව සිහල රාවය සංවිධානයේ කැදවුම්කරු ප්‍රභාත් මධුභාෂණ වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දන්වා ඇත.

CIDයට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතත් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව නීතිඥවරයා අධිකරණයට දන්වා ඇති අතර එම කරුණු සැලකිල්ලට ගත් කොටුව මහේස්ත්‍රාත්වරයා විත්තිකරුවන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස CIDයට දැනුම්දී ඇති බව වාර්තා වේ.

No comments

Ads Place