පසුගිය දා ශාන්ත බ්‍රිජඩ් කන්‍යාරාමයේ දී SL Vlog නම් කණ්ඩායම විසින් ‘මෝඩාභිමානය‘ නමින් පැවැත්වූ වැඩසටහනේ දී බුදු දහමට හා බුදුන් වහන්සේට සිද...
පසුගිය දා ශාන්ත බ්‍රිජඩ් කන්‍යාරාමයේ දී SL Vlog නම් කණ්ඩායම විසින් ‘මෝඩාභිමානය‘ නමින් පැවැත්වූ වැඩසටහනේ දී බුදු දහමට හා බුදුන් වහන්සේට සිදුකළ අපහාසාත්මක ප්‍රකාශ පිළිබඳව මේ වන විට සමාජය තුළ කතිකාවක් නිර්මාණය වී තිබේ.
SL Vlog නමින් හඳුන්වන මෙම කණ්ඩායම, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය(USAID) මගින් සෘජුවම ආධාර ලබන කණ්ඩායමක් බව මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම කණ්ඩායම හා මෙබඳු තවත් කල්ලි මගින් දිගින් දිගටම බුදු දහමට පහර ගසමින් සිටින්නේ නීතිය මගින් තමන්ට එල්ලවන බලපෑම ද මෙම ක්‍රියාදාමය සඳහා වක්‍රාකාරයෙන් භාවිත කිරීමට හැකි බව ඔවුන් දන්නා නිසා බවත්, එමගින් මෙම අපහාස කිරීම් සමාන්‍යකරණයට ලක් කිරීමෙන් සමාජය තුළ තමන්ට අවශ්‍ය ඊනියා මතයන් ගොඩ නැගීමට හැකි වන බවත් විචාරකයෝ පෙන්වා දෙති.
ඉස්ලාම් අගමට හෝ ක්‍රිස්තියානි ආගමට මෙබඳු ප්‍රහාරයන් ඔවුන් එල්ල නොකරන්නේ එම ආගම්වල දඬුවම් දැඩි බව දන්නා නිසා බවද, එහෙත් බුදු දහම යනු අවිහිංසාවාදී දහමක් නිසා තමන්ට බුදු දහමට ඕනෑම පහර ගැසීමක් සිදුකළ හැකි යැයි මෙම කණ්ඩායම් විශ්වාස කරන බවත් විචාරකයන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
No comments