Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාස්පෝට් ගැටළුව ඉවරයි.දැන් ගෙදර ළඟින්ම පාස්පෝට් එක ගන්න.!

  පසුගිය කාලයේ ශ්‍රී ලාංකිකයන්ට විශාල ලෙස බලපෑ පාස්පෝට් ගැටලුව නිරාකරණය කිරීමට රජය සමත් වී තිබෙනවා.පසුගිය කාලයේ පාස්පෝට් ගැනීමට විශාල තදබදයක...

 


පසුගිය කාලයේ ශ්‍රී ලාංකිකයන්ට විශාල ලෙස බලපෑ පාස්පෝට් ගැටලුව නිරාකරණය කිරීමට රජය සමත් වී තිබෙනවා.පසුගිය කාලයේ පාස්පෝට් ගැනීමට විශාල තදබදයක් පැවතියා මෙන්ම පාස්පෝට් කාර්යාලය තුළම විවිධාකාරයේ දූෂණ වංචා වාර්තා විය.

එපොයිමන්ට් ලබාගැනීමට යැයි පවසා රුපියල් 20,000,25000 වැනි මුදල් අය කර තිබූ අවස්ථා වාර්තා වු අතර සමහර අවස්ථාවන්වලදී පුද්ගලයන් දින දෙක තුන පාස්පෝට් කාර්යාලයේ රැඳී සිටිනු දක්නට ලැබුණා.

විදේශ කටයුතු අමාත්‍යංශයේ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසා සිටියේ ගොඩක් අය කතා කරනවා පාස්පෝට් ප්‍රශ්නය ගැන.ඒ නිසා අපි මුලින්ම දෙපාර්තමේන්තුව තුළ විනය විරෝධී ක්‍රියාවලට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා.ඒ සඳහා අපි පාස්පෝට් කාර්යාලය තුළට රාජ්‍ය බුද්ධි අංශ යොදාගෙන තිබෙනවා.

ඉදිරියේදී ප්‍රාදේශීය කාර්යාල 50ක් තුළ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පහසුකම් සලසනු ලබනවා.ඇඟිලි සලකුණු ලබා ගැනීමේ යන්ත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ ස්ථාපිත කරනු ලබනවා.මෙම ක්‍රමය ඔස්සේ අයදුම්කරුට දින 3ක් තුළ දී විදේශ ගමන් බලපත්‍රය නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙනවා.ඒ වගේම මෙම වසර තුළදිම රජය E- පාස්පෝට් ක්‍රමය හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා.

No comments

Ads Place