Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්ධන කෝටාව වැඩි කරයි.. වැඩිවන ප්‍රමාණයන් මෙන්න.!

  ඉන්ධන කෝටාව (QR) එළඹෙන ජුනි මාසයේ සිට දෙගුණයකින් ඉහළ දැමීමට හැකිවනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ජන හමුවක් අමතමින් සදහ...

 


ඉන්ධන කෝටාව (QR) එළඹෙන ජුනි මාසයේ සිට දෙගුණයකින් ඉහළ දැමීමට හැකිවනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ජන හමුවක් අමතමින් සදහන් කරයි.

ජනාධිපතිවරයා ඉන්ධන කෝටාව වැඩි කිරීමට ඉල්ලීමක් කළ බවත් එම ඉල්ලීමට අනුව ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව එම සංශෝධනයද සිදුකිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

ඉන්ධන කෝටාවට අනුව දැනට යතුරුපැදියකට ලබාදෙන ලීටර් 7 දෙගුණයකින් වැඩිකර 14ක් කිරීමට බලාපොරොත්තු වන බවත් ත්‍රීරෝද රථයට ලබාදී ඇති ලීටර් 7ත් දෙගුණයකින් වැඩිකර 14ක් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

අමාත්‍ය කංචන විජේසේකර තවදුරටත් සදහන් කළේ,

“ජනාධිපතිවරයාත් අපෙන් දිගින් දිගටම ඉල්ලීම් කළා මේක තව වැඩිකරන්න පුළුවන්ද බලන්න කියලා. ඒ හින්දා අපි ඊළඟ ඉන්ධන මිල සංශෝධනයෙන් පස්සේ ලබන ජූනි මාසය තුළ නැවත වතාවක් ඒ ඉන්ධන කෝටාව වැඩිකරන්න කටයුතු කරනවා. 

දැනට යතුරුපැදියකට ලීටර් 7යි දිලා තියෙන්නේ. ඒක 14ක් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ත්‍රීරෝද රථයට තියෙන ලීටර් 7ත් 14ක් බවට පත්කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අනිත් ඒවාටත් ඒ හා සමානවම ඉන්ධන කෝටාව වැඩිකරනවා.”

No comments

Ads Place