Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජෙරමි ගඩොලක් ලක්ෂ පහකට විකුණා දෙවියන්ගේ ආශිර්වාදය පෙන්වයි.!

  විදෙස් රටකට පළාගොස් සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දුට අයත් වත්කම් හා දේපොළ උපයාගත් ආකාරය ගැන නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්...

 



විදෙස් රටකට පළාගොස් සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දුට අයත් වත්කම් හා දේපොළ උපයාගත් ආකාරය ගැන නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු දේශන පවත්වන කටුනායක මිරකල් ඩෝම් නමැති ආගමික මධ්‍යස්ථානයේ මුළු තක්සේරු වටිනාකම ඩොලර් මිලියන 09ක් බව අණාවරණය කරගෙන ඇත.

මිරකල් ඩෝම් නමැති ආගමික මධ්‍යස්ථානය ඉදිකිරීමට කටුනායක අක්කර 04ක ඉඩම ලබාදී ඇත්තේ එම සභාවේ සාමාජිකත්වය ලබාගෙන සිටින ව්‍යාපාරිකයකු විසින් බව අණාවරණය වී ඇත.

ජෙරමි ප්‍රනාන්දු වෙත ලැබෙන ආධාර මුදල් සඳහා රිසිට්පත් ලබානොදෙන අතර එම දේවස්ථානය ඉදි කිරීමට යොදාගත් ගලක් විකුණා ඇත්තේ ලක්ෂ පහකට බවත් ගෙවිය හැකි අවම මුදල රුපියල් ලක්ෂ පහක් බවද තොරතුරු අණාවරණය වේ.

එම මධ්‍යස්ථානය වෙත ලැබෙන ආධාර මුදල් ජෙරමි ප්‍රනාන්දු විසින් උණ්ඩියල් ක්‍රමයට ඩුබායි, කටාර්, එංගලන්තයේ ඇති ගිණුම්වල තැන්පත් කරන බවට තවත් තොරතුරු අණාවරණය වී ඇත.

No comments

Ads Place